..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, December 2, 2009

ආදරය විවාහය සැකය සහ විශ්වාසය

මගේ හිතවතියකගෙ blog post එකක් කියවුවම මට හිතුනා මේ ලිපිය ලියන්න. ඇත්තටම නම් මේක සරත් විෙජ්සූරිය මහතාගේ "ජීවිතයට ගරු කරන්න" කියන පොතෙන් උපුටා ගැනිමක්.

මධ්‍යම පාන්තික අඹු සැමියන් බහුතරයක් සැකයෙන් ජAවත්වන බව පැහැදිලි කරුණකි. සැකය පෙනය පුප්පන්නේ විශ්වාසය නොපවතින විටය.ආචාර්ය මැක් ආර් ඩග්ලස් අපුරු අදහසක් පවසා ඇත.
"පුද්ගලයා ඔහුගේ සිහින තරම් ම තරුණය. නැතහොත් ඔහුගේ සැකය තරම් ම මහලුය.ඔබගේ සැකයට නොව, ඔබගේ සිහින වලට ඔබ ජීවිතය පාලනය කරන්නට ඉඩ දෙන්න."

මෙහිදA සිහින යනුවෙන් අදහස් කරන්නේ ජීවන අපේක්ෂාවන්ය.සැකය භයානක ලෙස බලපෑම් කරන්නේ අඹු සැමි සම්බන්ධතාවයේ දීය. ප්‍රේම කරන කාලයේදී සැකය තාවකාලික ලැගුම් පොළක් වෙයි.අඹු සැමියන් ලෙස ජීවත්වන විට දැනෙන සැකය අවිහිංසක නැත.එය දුෂ්ඨ චේතනා පහළ කරයි.සියලූ මානව හරය විනාශ කරයි.

සැකයේ තියෙන භයානක කම පෙන්වන්න මේ පුංචි කතාව ඔයාලට ඇති.

කිස් පංලූඩු ලේඛකයාගේ "නොපෙනෙන තුවාලය " මේ කතාව ගොඩක් දිගයි. සාරාංශය මේකයි.

ඒ කතාවේ ප්‍රධාන චරිතය රදළයෙකි.ඔහු විවාහ කර ගන්නේ අසල සිටු මැදුරක වාසය කරන දේවියට සේවය කළ සුරූපී තරුණියකි.මේ තරුණිය රදළයාට අතිශය ප්‍රේමයෙන් පසුවන්නීය.ඒ ප්‍රේමය ඔහුගේ සැකයට භාජනය වේ.දිනක් බිරිද මැදුරේ නැති වේලාවක ඇගේ ලාච්චුවක් අරින රදළයා ලියුම් මිටියක් සොයා ගනී.ඒ ලියුම් වලින් පැහැදිලි වන්නේ (ඔහු තීරණය කරන්නේ )තම බිරිදට අනියම් පුරුෂයකු සිටින බවය.ඔහු සිය බිරිද මරා දමයි.අවසන හෙළිවන්නේ ඒ ලියුම් තම බිරිද සේවය කළ සිටු දේවියට අයත්ව තිබු ලියුම් බවත් ඒවා පරිස්සමට තැබීමට තම බිරිදට දී ඇති බවත්ය.ඔහු ජීවිතය නැති කර ගනී.

වෙනත් නිදසුන් කුමටද ..............

දෙදෙනකුගේ බාහිර සාදක වලට ආකර්ෂණය වී ජීවිතය පටන් ගත්තද කෙනෙකුගේ මනස පටුනම්  පැවැත්මක් නැත.දෙදෙනෙකු අතර ආදර සම්බන්ධතාවයක් ඇතිවීමේ පදනම විය යුත්තේ හදුනා ගැනීමය.ඒ හදුනා ගැනීම දුර්වල නම් අනපේක්ෂිත ප්‍රශ්ණ ඇත් වන්නේ නිතැතිනි.

4 ප්‍රතිචාර:

Naliya said...

ඇත්ත කථාව මම සම්පුරණයේන් එකගයි...
දිගටම ඔය වගෙ ස‍්රලව ලියන්න නියමයි.

Isuru said...

ලස්සනයි දිගටම ඔය වගේ දේවල් ලියන්න අපෙන් සුභ පැතුමි

රවා said...

තමුන්ගෙ මනස මුලින්ම අදුන ගන්න ඔනා. එකයි අමාරුම දෙ.. සැකයට හිස ඔසවන්න ගොඩාක් කරුනු කාරනා බලපානවා වැදගත් ම දේ තමුන්ගෙ අත්මය පාලනය කරගැනීමයි.

wath said...

@Naliya
බොහොම ස්තුතියි....
@Isuru
බොහොම ස්තුතියි....

@රවා
කතාව ඇත්ත. තමුන්ව හදුනා ගන්න එකතමයි අමාරුම දේ.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...