..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, December 1, 2009

ජීවිතය ලස්සනයි




ජීවිතය ලස්සනද තේරුම් ගන්න පුලූ්වන් ද... ප්‍රශ්ණ ගොඩයි නේද. විසදුම් නැහැ.සිතට විවේකයක් නෑ නේද.....ප්‍රහේලිකා ගොඩයි.ජීවිතේ ගැන සැහැල්ලුවෙන් හිතන්න පුලුවන් නම් . කියන්නනම් ලේසි ....

මගේ ජීවිතේ ගැන හිතුවම හිතෙනව මට මොන ප්‍රශ්ණද කියල. කාලයක් සැහෙන්න හිතේ දුකින් වෛරයෙන් හීනමානයෙන් හිටිය කෙනෙක් මම.ඒත් ටිකින් ටික ජීවිතේට මූණ දෙන්න ඕන කොහොමද කියල දැන් මට තේරෙනවා. බොහෝමයක් සිත් රිදවීම් වලට මුල අපේම වැරදි.කිසිකෙනෙක්ට වුවමනාවට වඩා ලංවුනාමත් ගොඩක් දුරස් වුනාමත් තමයි සිත් රිදවීමි වැඩි වෙන්නේ.ආදරය නොලැබීම සහ මුදල් හදල්  තමයි ගොඩක් දෙනාගෙ හිත් රිදවීම් වලට හේතුව.

මනුස්සයෙක් වුනාම කාගෙහරි ආදරයක් ජීවත් වෙන්න ඕන වෙනවා. ඒක අපි පිළිගන්න ඕන.ඒත් ගොඩක් වෙලාවට අපි කැමති අය අපිට ආදරේ නෑ ලැඛෙන්නේ නෑ. අපිට ලැඛෙන අයට අපි ආදරේ් නෑ. මට ඔය වර්ග දෙකෙන් එකක්වත් නෑ. ආදරේ හොයාගෙන ගිහින් මම ගොඩක් හෙම්බත් වුනා. ලැබුනෙ සිත් රිදවා ගැනීම් විතරයි. ආදරයක් නැතිව සිද්ධ වෙන යාන්ත්‍රික විවාහයක තේරුමකුත් නෑ. ඉතින් ඒ නිසා මම තනියෙන්.
ගැහැණු ළමයෙක් වුනාම ලස්සන වෙන්න ඕ්න කියන කතාවෙ සෑහෙන්න ඇත්තක් තියනවා.( ඔන්න නෑ කියන්න නම් එපා.)හිත කොච්චර ලස්සන වුනත් ගති ගුණ කොච්චර හොද වුනත් පලක් නැහැ. ඒව සමහරුන්ට තේරෙන්නෙ ගොඩක් පරක්කු වෙලා.

මම මගේ ජීවිතේට ගොඩක් ආදරෙයි. වෙන අයට ලබා ගන්න අමාරු දේවල් ගොඩක් මට ලැබිලා තියනවා. මට නැති වෙන අයට තියන දේවලුත් තියනවා. ඒවට ඊර්ෂ්‍යා කරලා මොන සැනසීමක්ද.මගේ ජීවිතේට ලැබිල තියන දේවල් වල සතුට ඛෙදා ගන්න විශේෂ කෙනෙක් ලග නැති වුනත් යාළුවො කිහිපදෙනෙක් ඉන්නවා.විශේෂ කෙනෙක් ලැඛෙAවි සමහර විට මම ගොඩක් වයසට ගියාම.
පරිණත වෙන්න වෙන්න මිනිස්සු සාධාරණව හිතනවා.

නොලැඛෙන දේ වලට නොහඩා ඉන්නත් ,ලැඛෙන දෙයින් හිත සනසා ගන්නත්,  හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න
ත්,අසාධාරණයට එරෙහිව නැගී සිටින්නත්, අනුන්ට පිහිට වෙන්නත් පුලුවන් නම් ලැබුන ජීවිතේ දුකක් නැතිව ගෙවන්න පුලුවන් කියන එක මගේ හැගීමයි. ජීවිතය ටික කාලයයි. ඒ ටික කාලයේ විදව විදව ඉන්නවද විදිනවද කියන එක ඇත්තෙ තමා අතේමයි. ඇත්තටම ජීවිතේ සුන්දරයි.

17 ප්‍රතිචාර:

.::පිස්සා::. said...

අයියෝ !!!
මට නම් හිතෙන්නේ, ඔයා ඕනෙවට වඩා විදවනවා කියලායි...
ජීවිතේ අපිට නැති වුනු 1% ගැන හිතන්න එපා... හම්බවෙලා තියෙන 99% ගැන හිතන්න..

සතුටින් ඉන්න....

wath said...

@ .::පිස්සා::.

ඔබ හරි පිස්සො.ලියල ඉවර වෙලා කියවල බැලුවම මටත් තේරුණා මමත් ජීවිතේ විදවනව නේද කියලා. ඒත් මම ඒ ගැන වෙඩිය හිතන්නෙ නෑ දැන්. මම කොයිතරම් හිතේ සතුට්න් හිටියත් අවට අය ඉන්නෙ ඇහැට අනින්න බලා ගෙන. මම ගැහැණියක් වීමත් මගේ වයසත් ඒයාලට ලොකු වාසියක් වෙලා.

මනුසත් said...

තමන්ගේ නියම වටිනාකම් වලට ආදර කරන කෙනෙක් සහ තමන්ට පැල්ලෙන්න තරම් ආදරයක් කරන්න තරම් කොලිටීස් තියෙන කෙනෙක් නොලැබෙනවානම්, විවාහය කියනදේට . .

වයසට යන්න කලින් බඳින ඕන . . ගෑනියෙක් වුනාම තනියෙම ඉන්න බෑ . . .වගේ කියන සමාජ සම්මත වලට පිටින් ගිහින් ඒවාට විරුද්ධව සටන් කරලා හරි

හරි කෙනා ලැබෙන කම් තනියෙන් ඉන්න එක තමයි හොඳම දේ . . .

හිඳීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් ඔබේ නමින් . ..
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන හිඳින්

malee_msg said...

අනේ මන්දන්නේ නැහැ ඔයාගේ මේ පෝස්ට් එකට නම් මම මොනා කියන්නද කියලා.. මට හිතෙන්නේ ඔයා උත්තර ඔයා ලගම තියාගෙන එවා පිලිගන්න බයේ හරි ඒ උත්තර නොදන්නවා වගේ ඉන්නවා හරි කියලයි..

‍ඒ වගේම මෙන්න මේ දේ
"ගැහැණු ළමයෙක් වුනාම ලස්සන වෙන්න ඕ්න කියන කතාවෙ සෑහෙන්න ඇත්තක් තියනවා" මේ විදියට ලිව්වේ ඇයි කියලා මට හිතා ගන්න බෑ.. ඇත්ත පොදුවේ ගත්තම ගෑණු ළමයි 99%ක් විතර එයාලාගේ බාහිර ඔපය ලස්සන ගැන ගොඩක් හිතනවා. මම මේ ඒක වැරදියි කියනවා නෙවෙයි.. හැබැයි ඔයා වගේම තවත් එක ගෑණු ළමයෙක් විදියට මට ඒක දැනෙන්නේ හරිම විකාර වැඩක් විදියට.මම ගොඩක් ලස්සන ගෑණු ළමයෙක් නෙවෙයි.. හැබැයි මම මගේ පෙනුම අනිත් අයට ඕනි විදියට වෙනස් කරන්න යන කෙනෙකුත් නෙවෙයි. හැබැයි කොන්ඩේ ට්‍රිම් කරන්න ඕනි හිතුනොත් කොන්ඩේ කපනවා. ඒ වගේ මම මගේ සීමාවන් ඇතුලේ ජිවත් වෙනවා. අනිත් අය මං ගැන මොනා හිතනවද කියන එක මම ගනන් ගන්නේ නැහැ. මම පොඩිකාලේ ඉදන් හිතපු දෙයක් තමයි මගේ පෙනුමට ආස වෙන පිරිමියෙකුට මම කැමති වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා මම කවදාවත් පිරිමි කැමති මොඩල් එක ඇතුලේ ජිවත් වෙන්න හිතුවේ නැහැ. ඒ නිසා මං දැන් එකට පුරුදු වෙලා. ඒ නිසා මං කිසිම ආකර්ෂණයක් නැති ගැණු ළමයෙක් වෙලා ඇති. ඒක මට පොඩ්ඩක්වත් වදයක් නෙවෙයි.. මං ඒ ගැන සතුටු වෙනවා.
මම දන්නේ නැහැ ඔයා කොයි විදියේ කෙනෙක් ද කියලා ඒත් තවත් ඔයා වගේ ගෑණු කෙනෙක් විදියට මං එක දෙයක් කියන්නම් ඔයා ඔයාට ඕන විදියට මිසක් අනිත් අයට ඕනි විදියට හැදෙන පඹයෙක් වෙන්න එපා.!

**මේවා කිව්වම හිතන්න එපා මම හෙන සිරා නැත්තං බොරු සෝබන කෙල්ලෙක් කියලා. ඒත් මම අනිත් ගොඩක් ගෑණු ළමයින්ට වඩා නිදහසේ ජිවත් වෙනවා. මං ආසයි අනිත් ගෑණු ළමයි නුත් මං වගේ නිදහසේ හිතන අය වෙනවා නම්. ඒකයි මේ ටිකවත් කිව්වේ.

wath said...

දයාබර මලී නංගියේ
මම හිතනව ගැහැණිය, ගැහැණිය විදිහටත් පිරිමියා, පිරිමියා විදිහටත් ඉන්න කොට තමයි ලෝකෙ ලස්සන වෙන්නෙ. පිරිමි ලස්සන ගැහැණු හොයන එකේ කිසිම වැරැද්දක් නෑ. මම කියන්නේ සමහර පිරිමින්ට ඇයි ගැණියකගෙ හිතේ ඇතිවෙන සැබෑ ආදරේ තේරුම් නොගන්නෙ කියන එකයි.කොහොමත් මම පඹයෙක් නම් නෙමෙයි. පඹයෙක් වුනානම් මම තනිකඩ වෙන්නේ නැහැ.

.::පිස්සා::. said...

මට හිතෙන්නේ, ඔයා ඕනෙවට වඩා 'බදින්න බැරි උන එක' ගැන දුක් වෙනවා.. සමහරක් දේවල් ජීවිතේ වෙන්නේ අපි පතාගෙන ආපු ව්දියට.. ඔයාට සුදුසු කෙනා අදාල මොහොතේදී ලැබේවි.. මේ ලෝකේ තනියම ඉන්න/ බැදපු නැති එකම කෙනා ඔයා නෙමෙයි... ඔයා ඒක ගැන ඔය තරම් දුක් වෙන්න එපා...
අපේ මලියා වගේ 'සීරියස්' ගන්නේ නැතුව, පොඩ්ඩක් සැහැල්ලුවෙන් හිතන්න පටන් ගන්න... ඔය පේනවා නේද ඒකි ඉන්න අපූරුව..
ඔයාටත් ඕනේනම් හොදට ජීවම් කරපු සුරයක් දාමු... එතකොට ඔය මඤඤං අදහස් නැතුව යයි...
ඔයා ඔයිට වඩා අනිත් මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන හොයලා බලන්න... එතකොට ඔයාට තේරෙයි ඔයා කොයි තරම් වාසනාවන්තද කියලා...

රවි... said...

ඔයා මෙ දෙ ලිව්වෙ අපෙ අනිත් නොදුටු මිතුරෙක් වෙනුවෙන් නේද..? එයා මෙක සමහර විට කියවන්නත් ඇති. ජිවිතය පරිණත වෙන්න වයසට වඩා අත්දැකිම් තමයි බලපාන්නෙ.
අක්කෙ විවහයට පෙර ඇතිවන ආදරය හරියට මලක් වගෙ එක පොඩි කාලයයි පරවෙන්නවා. ලස්සන නිසා හො දේපල නිසා හො වෙනත් කරුනක් නිසා. නමුත් විවහයට පසු ඇතිවන ආදරය හරියට මුලක් වගෙ මුලු පවුල කියන ගසම එකෙන් යැපෙනවා. ඔයගෙ කවි වල තියන දෙවල් වලින් මට හැගෙන දෙ ඔයා ලස්සන කෙනෙක් රුපයෙනුත්, ගතිගුණ වලිනුත්. මම ඔයට පුංචි යොජනවක් කරන්නම්. ඔයා කියවන්න ත්‍රිපිටකය. metta.lk කියන වෙබ් එකෙන් ගන්න පුලුවන්. ගොඩක් අය හිතනව රහත්වෙන්න කරුණු ලියල තියන්නෙ කියලා. නමුත් බොහොමයක් කරුණූ ගිහි ජිවිතය අරමුණු කරල තියනවා. ඔයා මෙ විඳින දුකත් ඔයට සතුටක් නෙද ? හදවතට තට්ටු කරලා බලලා කියන්න. ඔයා කියන හීනමානයෙන් මමත් කාලයක් හිටියා. ඔයා දුක් වෙන්න හෙතුවක් නැහැ. නමුත් හදවත හෙතු හොය හොය දුක් වෙනවා නෙද ? මට ආදරය කරන්න කෙනෙක් නැහැ කියලා, මට මගෙ දුක කියන්න කෙනෙක්, නැහැ දුක්වෙන්න එපා. "මම තනියෙන්" කියන දෙ කවදාවත් ලියන්න එපා. ඔයගෙ පිටිපස්සෙනුත් ගොඩාක් අය ඉන්නව. ඉදිරියෙනුත් එහෙමයි. අපෙ මිතුරට එයගෙ බොතලය වගෙ තමයි අපිට මෙ විඳින දෙත් මෙකට ඇබ්බැහිවෙලා අපි කරුනු හොය හොය විඳිනවා නෙද?
ආදරය සුන්දරයි, විරහාවත් සුන්දරයි, ජිවිතයම සුන්දරයි......

http://ravamrt.blogspot.com/2009/11/blog-post_7372.html

wath said...

test

Anonymous said...

test

wath said...

Comment karaganna beriwa Karadare wetila inna kota udaw karapu Roylly Malayata mage prasansawa ...:)

LG said...

@ wath
ගෑණු, ගෑණු විදියටත් - පිරිමි , පිරිමි විදියටත් නොව,
තමන් තමන් විදියට ඉන්න කොට තමයි ලෝකේ ලස්සන වෙන්නෙ වගේම තමතුත් සතුටින් ඉන්නෙ
කියලයි මට නම් හිතෙන්නේ...

@ මලී
100%එක්ක මම එකගයි, ඔයාගේ අදහසට!

wath said...
This comment has been removed by the author.
wath said...

රවි... said...
ඔයා මෙ දෙ ලිව්වෙ අපෙ අනිත් නොදුටු මිතුරෙක් වෙනුවෙන් නේද..?
රවී ඔයා වැරදි අදහසක් දරනවා වගේ. මගේ blog එක වෙන කෙනෙක් වෙනුවෙන් ලීයුව දෙයක් නොවේ.

December 2, 2009 8:48 AM

මාරයාගේ හෝරාව said...

අවුල් වෙලා හිටිය වෙලාවෙ හොයා බැළුවාට ස්තුතියි.
ලිපිය ගැනනම් මම මුකුත් කියන්නෙ නැහැ. මට ඒක කරන්න බැහැ.

malee_msg said...

අක්කේ මට කියන්න..
ගැහැණිය ගැහැණිය විදියටත් පිරිමියා පිරිමියා විදියටත් වෙන් කරන ලකෂය මොකක් ද? කවුද ඒක හැදුවේ?

wath said...

@මාරයාගේ හෝරාව
චතූෂ ඔබට හිමිතැන වෙනස් කරන්න අපිට බැහැ.වැඩකුත් නෑ. හිතවතෙක් ලෙස සොයා බැලුවා එපමණයි.

@ දයාබර මලී
ගැහැණියත් පිරිමියත් වෙන්කරන ලක්ෂණ එකක් නෙමෙයි කිහිපයක්ම තියනවා. ඒවා අපි රැගෙන එන්නෙ උපතින්මයි. ශරීරික වෙනස් කම් වගේම මානසික වෙනස් කම් බොහොමයක් තියනවා. පුංචි කාලේ දැරියන් බෝනික්කන්ටත් පිරිමි දරුවන් සෙල්ලම් වාහන වලටත් ආස කරන්නෙ ඒ නිසයි. සිතුම් පැතුම් ගත්තම අහසට පොළව වගෙයි. අහසයි පොළවයි ක්ෂිතිජයේ හමුවුනාම ලස්සනයි වගේ තමයි ගැහැණු ගති ඇති ගැහැණියත් පිරිමි ගත් ඇති පිරිමියත් එක් වුනාම ලස්සන වෙන්නේ. කාගෙවත් සිත් රිදවන්න නෙමෙයි මම එහෙම කීවෙ. මෙයින් පිට ගිය අවස්ථා එමට ඇති. මම කීවේ සාමාන්‍ය ස්වභාවය.

Buddhika said...

ඔයා ලඟම උත්තරය තියනවා. ඒ ගැන කියන්නෙ නෑ. අපි අද ඉන්න තැන ඉන්නෙ හුඟක් අය නිසා. හොඳ, නරක එහෙමත් නැත්නම් අතරමැදි බලපෑමක් වුණත් ඒ අය නිසයි අපි අද මෙතැන ඉන්නෙ. හැබැයි ඒ අතරින් හුඟ දෙනෙකුට අඩුතරමින් ස්තුති කරන්නවත් අමතක වෙන්න ඇති. ඒ අය මතක් වෙද්දි මම කරන එක දෙයක් තමයි තව කාට හරි මොනයම් හෝ උදව්වක් කරන එක. පුංචිම පුංචි උදව්වක් හරි. ඔයා දැන් කරන්නෙත් ඒ වගේ දෙයක් කියල මට හිතෙනව. හුඟක් ම දුක දැණුනු කාලෙක මංජුල අයිය තමයි මේ ක්‍රමය කියල දුන්නෙ. එයාට පිං. මට නං හරිගියා. ඔයා ලඟම උත්තරය තියනවා.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...