..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, November 19, 2009

"පොඩි වැවක ලොකු මාලුවෙකු වීම"

සුපුරුදු දින චර්යාව ටිකකට වෙනස් වුනා.මේ දවස් ටිකේම training .අනිත් කාරණේ තමයි එක තිබිබේ සේවා ස්ථානයේ නෙමෙයි.ඒ නිසා හැමදාම වැඩට යන එන එකට වඩා ටිකක් වෙනසක් වුනා.අනික ආදරේට වඩා කරන්න ගොඩක් අර්ථවත් දේවල් ලෝකෙ තියනවා කියලා හිත හදාගන්නත් මේ වෙනස මට ලොකු අස්වැසිල්ලක් වුනා.

ඉස්සර නම් රජයේ කන්තෝරුවල training කිවම බඩ පිරෙන්න කාලා බීලා දේශනයේදී නිදිකිරන එක තමයි කෙරෙන්නේ.ඒත් දැන් ඒ ක්‍රමය වෙනස් වෙලා.නව තාක්ෂණ ක්‍රම භාවිතයෙන්, පරණ ශිල්ප ක්‍රම වලට ආයුබෝවන් කියල සංවාදාත්මකව තමයි මේ පුහුණුවැඩ මුලූව පැවැත්වුනේ.

රාජ්‍ය සේවය හරියට කරනව නම් පිංකෙතක්.මහජන සේවය හරියට කරනව නම් ඒ ආශිර්වාදයම ඇති ජීවිතේට.
මේ තරම් රාජ්‍ය සේවයට ආවඩන්නෙ ඇයි කියලා ඔයාල හිතාවි.මම එහෙම කියන්නේ අත්දැකීමෙන්. මොකද මම වැඩ කරන්නේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයක නිසයි. ඒකත් මගේ ගමේම ප්‍රා.ලේ කාර්යාලය.
මට පැවරිලා තියෙන රාජකාරියට අමතරව තව තව පොඩි පොඩි රාජකාරි කරන්න වෙනව ඒ නිසා. ඒව පටන් ගන්නේ උදේ ගෙයින් එළියට බහින කොටම තමයි. "දුවේ මට උප්පැන්න සහතිකයක් ගන්න තියනවා අද ආවෝත දු ඉන්නවා නේද." "ආදායම් බලපත්‍රයක් ගන්න ඔAන ගාන කීයක් වෙයිද?" "ගහක් කපන්න තියනවා permit ගන්නේ කොහොමද" "පාස්පෝට් එක කල්පහු වෙලා ඒකට දැන් අලූත් එකක් හදා ගන්නෙ කොහොමෙයි." මනුස්සයෙක්ගේ උපතේ ඉදන් මරණය තේක්ම වුවමනා වෙන තැනක් තමයි අපේ කාර්යාලය.
සමහර ඉල්ලීම් නම් හරි අසාධාරණයි. "ආදායම් බලපත්‍රය ගන්න ඕන ඒත් වාහනේ පොත නැති වෙලා බැරිද මුකුත්.... "අසරණ වෙන්නෙ මම. පොත නැති වෙලා නම් ඒකට මෝටර් රථ දෙපාර්තමේන්.=වටයන්න ඕන ඉස්සෙල්ලා. කෙටි ක්‍රම වලට යන්න බෑ. කොහොමවුනත් වැඩක් කරල දුන්නට පස්සේ මූණක ඇදෙන සතුට දැක්කම රුකියාව ගැන අසීමිත බැදීමක් දැනෙනවා.

ගමේ කාර්යාලයට ආවට පස්සෙ ඉස්සර මාත් එක්ක කතා නොකළ මූණවත් බැලූවෙනැත් උදවිය දැන් මාත් එක්ක බොහොම හොදයි.

කවුරු කොහොම කීවත් දැන් රාජ්‍ය සේවය සෑහෙන්න දියුණුවක් තියනව.සමහරු නම් අපිට බැනල යනවා. ඒ කරන්න බැරි දේවල් අරන් ඇවිත්. නීත්‍යානුකූල නොවන දේ කරන්න බෑ නොකිය වෙන මොනව කියන්නද. අවශ්‍ය ලියවිලි හරියට තියනම් පැය කීපයෙන් වැඩේ කෙරෙනවා.ඒකට නෙ "සේවාලාභී ප්‍රඥප්තිය " කාර්යාලයට ගොඩවැදෙන තැනම ප්‍රදර්ශණය කරන්නේ.

කාගෙත් වගේම මගෙත් හිතේ තියනවා රැකියාවෙන් ඉහල යාමේ ආසාවක්. ඒත් වෙලාවකට මට හිතෙනවා "පොඩි වැවක ලොකු මාලූවෙක් වෙනවට වඩා ලොකු වැවක පොඩ් මාලූවෙක් වෙන එක "හොදයි කියලා.
වැවේ ඉන්න පොඩිම මාළුවා
මම
෴වත්෴

2 ප්‍රතිචාර:

Ravin Caldera said...

රාජ්‍යය සේවය හැල්ලුවට ලක් වූයේ දේශපාලනය එයට ඇතුලු වීමෙන්. රජ්‍ය සේවකයා දේශපාලකයාට වඩා උතුම් සහ ඉහළින් සිටී. මන්ද දේශපාලකයන් කාලයක් බලේ සිට නැවත බලය අහිමි වී යන නිසා ය. එහෙත් රජ්‍ය සේවකයා එසේ නොවේ. කවුරු ආණ්ඩු පිහිටුවා ගත්ත ද හෙතෙම, ස්වකීය කාර්යභාරයන් කර ගෙන යයි. එය ගෞරවණිය තත්ත්වයකි. බ්‍රිතන්‍ය වැනි රටක දේශපාලකයන් පාලනය කරන්නේ රජ්‍ය සේවය යි. එහෙත් නුසුදුසු දේශපාලන පන්දම් වලින් නිලයන්ට පත් වූවන් දේශපාලකයන්ට කත් අදිනවා විනා, ඔවුන් ඉදිරියේ දණ ගසා වැඳ බුහුමන් කරනවා විනා, කෙලින් සිට කටයුතු කළ නොහැක. නුතන රජ්‍ය සේවය හොඳ අතක පවතින බව අසන්නට ලැබීම සතුටට කරුණක්. මා කවරදාවත් රජයේ ස්ථානක වැඩකට අත්ලස් දී නොමැත. නිතර යන එන රාජ්‍ය දෙපාර්තුමෙන්තුවල මට මිතුරන් කිහිපදෙනෙකු ද සිටි. ඔවුන් මගේ වැඩ කටයුතු වලදී හමු වූ වැදගත් උගත් ගෞරවණිය මිතුරන්. නීතියෙන් පිට, වැඩක් නොකරන්නේ නම්, අත්ලස් සහ වෙනත් දෑ දීම හෝ කිරීම අවශ්‍ය නැත. එහෙත් රාජ්‍ය කාර්යාලවල තත්ත්වය හා කාර්යෂමතාව වැඩි බව දැන ගන්නට ලැබිම සතුටට කරුණක්. ඹබගේ සටහනට ස්තූතියි!

BEAUTIFUL SRI LANKA said...

රාජ්‍යසේවය හරියට කරන ටික දෙනෙක් නිසා තමයි මෙහෙමවත් රැදිල තියෙන්නෙ. මමත් දැකල තියෙනව හරියට රාජ්‍ය සේවය කරන අය. ඔබගේ සටහන හා ඔබගේ දැකම ගැන ස්තුතියි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...