..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, November 28, 2009

සේකර ඔබ අමරණීයයි


සේකර ඔබ අමරණීයයි

මහගමසේකර ගැන  දන්න අය සේකරට කැමති අය ගොඩක් ඉන්න බව මම දන්නවා.

වැඩි කතා මොකටද සේකරයන්ගෙ සොදුරු සිතේ පහල වුන සොදුරු හැගීම් කීපයක් ලියා තියන්න මට හිතුනා.

පාලු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්වන
බලාපොරොත්තුව පැතුම ඇයයි

අසාර වූ මහ පොළව මමයි
ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන යුගයට හදවත් නලවන
සදාකාලික වු සැපත ඇයයි

කැළෑව මැද කටු පදුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි
යුගයෙන් යුගයට හදවත් පුරවන
අදුරු වේදනා කැටිය ඇයයි

ප්‍රේමය පතමින් ඒ ප්‍රේමය සාක්ෂාත් කර ගන්නට බැරිව ඈත සිට ඉදිරිපත් කරන අභියාචනයක් නේද ....

ම්් ම් .................
--------------------------------------------------
අරුණොදයේ ළා හිරු රැස් මත නටන
පිනි බිදුවක් ලෙසට ඔබ මට මුණ ගැසින
දැඩි හිරු රැසින් මිරිකෙන්නට පෙර නිවෙන
පිනි බිදුවක් ලෙසට ඔබ අහසට නැගින

----------------------------------------------------

මා මළ දවසක
සීතල මළ කද
ඔබගේ තුරුලෙහි
උණූසුම් කළ මැන
දෙතොලින් දෙතොලට
උණුසුම් පණ පිඩ
මේ පොළවෙම යළි
මා බිහි කළ මැන

----------------------------------------------------
හිමගිරි කුලු ඉහල නැගීවලා සිබින
අහස පොළව දෙක මුසු වන
නිල් මිටියාවත මැද්දෙන්
සුදු මීදුම් පීරාගෙන
සුදු පියාපත් සලමින්
නැල බැස පාවී යන
සිහින මුවා අසුපිට නැග
සතර කතර ගිමි සනහන
මරණී නමි කෙම්බිම වෙත

&මේ ගීතය සේකරට ගොඩක් කැමති මගේ ම්තුරාට

15 ප්‍රතිචාර:

මාරයාගේ හෝරාව said...

අරුණොදයේ ළා හිරු රැස් මත නටන
පිනි බිදුවක් ලෙසට ඔබ මට මුණ ගැසින
දැඩි හිරු රැසින් මිරිකෙන්නට පෙර නිවෙන
පිනි බිදුවක් ලෙසට ඔබ අහසට නැගින

තණ පත් අගින් ගිලිහෙද්දී පිණි බිදුව..
එක්වී තවත් බිදුවක දැවටී පෙමින..
මහ ජල කදක් වන්නට නැතිනම් උරුම..
යන එක සැපයි හිරු එළියට වී නතුව..

මාරයාගේ හෝරාව said...

ස්තුතියි. සේකර ගැන වචනයක් හරි ලියන එකට. මම සේකරගෙ හුගක් නිරාමාණ පරිශීලනය කරලා නැහැ. ඒත් ජිවිතේ හැමදාමත් සේකරගෙ නිර්මාණයක් දකින්න අහන්න ලැබුනු හැම වෙලාවෙම මාව සලිත වෙලා යනවා.හේතුව මම දන්නෙ නැහැ. මට ඒ වෙලාවට හිතෙන්නෙ මෙ කියවෙන්නෙ මගේම හිත නේද කියලයි. රදාවානේ තුන්මන් හන්දියෙන් යන හැම වතාවෙම මම සේකරගෙ පිළිරුව දිහා බලනවා හැම දාමත් මම ඒ පිළිරුවෙන් යමක් හොයනවා. නමුත් ඒ මොකක්ද කියලා මම දන්නේ නැහැ.මට තේරෙන්නෙත් නැහැ. මෙ මනුස්සයා පිළිබඳව හීනෙකින් වගේ මතකයක් මා ලග තියෙනවා. සමහර විට අපේ අදහස් සමාන ඇති කියලා මම හිතනවා.කොහොමත් මම සමාන අදහස් ඇති අය ගාවදී හුගක් ව්‍යාකූලයි.
තව තවත් සේකර ගැනත් ඔහුගේ නිර්මාණ ගැනත් ලියන්න. ඒ වගේම පුළුවන්නම් ඒ නිර්මාණ වලට පසුබිම් උන දේ ගැනත් ලියන්න බලන්න.

wath said...

හැබැයි සේකර ඔයා වගේ මධුවිතට කැමති කෙනෙක් නෙමෙයි හරිද


ගී පොතයි
මී ව්තයි
ඒ දෙකම මට එපා

යුග නයන ගී පොතයි
රත ලවන මී විතයි
මා පතන ගී පොතයි මී විතයි
ඔබ සතුයි

අවන්හල නැති සුරා
ලවන් විත පුර පුරා
න‍හස් බැල්මෙන් නුරා
රහස් ගී කිය කියා
මගේ හදවත එයින්
සදා කල් මත්කරන්

කිසිම ගීයක් ලොවේ
ඒ තරම් රස නොවේ

wath said...

යලි කිව යුතු නෑ කාලය යනවා දෙපා යටින් රිංගා
ගෙනෙනු මැනවි මට පමා නොවී දැන් ඔඛේ සුරා විත පුරවාලා

රවි... said...

මොකද ඔයල දෙන්නා ඔයල දෙන්නගෙම හදවත් වලට ඔච්චර දුක් දීගන්නෙ. සේකර මහත්තයා හැමදාමත් ලිව්වෙ එයගෙ අද්දැකිම්.

wath said...

@ ravi

Kawda kiwe Mama Dukin kiyala. Mama Hitha hitha Duk widina kenek nemei. Jiwithe jiwath wena Tika kale mokatada duk widinne . Kawi rasa winda kiyala dukak mage hithe nam nehe .ooom mama kiwa.

මාරයාගේ හෝරාව said...

රවි... said...
මොකද ඔයල දෙන්නා ඔයල දෙන්නගෙම හදවත් වලට ඔච්චර දුක් දීගන්නෙ.

දුක් විදිනවා කියලා කියන්න බෑ සහොදරයා. මෙ තමයි අපි ජීවිතේ විඳින ක්‍රමය. කෙනෙකුට මෙක විදවීමක් වගේ පෙනුනට ඒක දෘෂ්ටි මායාවක් විතරයි. මෙන්න මෙක හොදට මතක තියා ගන්න. මිනිස්සු සතුටු වෙන ක්‍රම දෙකක් තියෙනවා. 1ක් තමයි, සියළු දෙ තමා සතු කරගෙන ඒ දිහා බලලා සතුටු වෙන එක.(හැබැයි ඒ ලබා ගත්ත දේ කවුරුන් හරි පැහැර ගනී කියලා නිතරම බයෙන් ජීවත් වෙන්නත් වෙනවා.) 2ක තමයි, සියළු දේ අනුන් වෙනුවෙන් අතහැරලා ඒ දිහා බලලා ජීවත් වෙන එක. ඒ සතුට කාටවත් උදුර ගන්න බැහැ. තණ්හක්ඛයො නිරොධො නිබ්බානං

මාරයාගේ හෝරාව said...

wath said...
හැබැයි සේකර ඔයා වගේ මධුවිතට කැමති කෙනෙක් නෙමෙයි හරිද

ඔයා කොහොමද හරියටම දන්නේ..?

Anonymous said...

සේකර වගේ සංවේදී කලාකරුවන් ඉක්මනින් අප හැර ගියේ ඇයි?
සත්‍යජිත්

Anonymous said...

සේකරගෙ අනුස්මරණෙ දවසෙ කලාකරුවන් හා සහෘදයන් එක්වෙලා රදාවානෙ ශ්‍රී මහා විහාරෙ හරි වෙන තැනක හරි ගත කරන හෝරාව හරි අපූරු අත්දැකීමක් වුනා,අද ඔබේ බ්ලොග් එකෙන් මම වින්දෙ එහිම අංශුවක්(අංශුවක් කීවත් ආදරය වගේ ! මනින්න බැහැ )
සත්‍යජිත්

wath said...

සත්‍යජිත්
සේකර වගේ සංවේදී කලාකරුවන් ඉක්මනින් අප හැර ගියේ ඇයි?

මම හිතන්නේ එයට හේතුව ඔහුගේ සංවේදී හදවත. ඔහු ගිලන් වි සිටින විටත් මරණයේ සුන්දරත්වය ගැන කොයි තරම් ලස්සන දේ ලීවද.
නොමියෙමි ලීවෙ ඒ කාලෙ නේද

මළ හිරු බසිනා හැන්දෑ යාමේ
ඔබගෙන් සමු ගන්නම්
අදුරේ සැගවී අදුරට ඉඩ දී
ඔබගෙන් වෙන්වී
මම යන්නම්............

Ravin Caldera said...

මා පසුගිය දවස සේකරයන්ගේ මෙම "මා මළ පසු" පද සංකල්පනාව ලියා තබන්ට කල්පනා කරගෙන සිටි නමුත් පසුව වැඩ වැඩි නිසා අත්හැර දැමු වෙමි. එහෙත් මෙම පිටුවේ සේකරයන්ගේ මේ කව් පෙළ දකින්නට ලැබිම සතුටකි.

Ravin Caldera said...

මම ඔහුගේ කව් කිහිපයක් පරිශිලනය කර ඇති අතර, ඔහුගේ ආචාර්ය උපාධිය සඳහා ලියූ, "සිංහල භාෂාවේ ලකුණ" (මට මතක හැටියට) නම් නොනිමි කළ උපාධි නිබන්ධනය කියවා ඇත්තෙමි. එහි විවිධ වූ භාෂාවට හා සාහිත්‍යට අදාළ තාක්ෂණික පැතිකඩ මනා ලෙස දක්වනු ලැබේ. ඔහුට එහි අවසාන පරිච්ඡේද දෙක (හෝ තුන) සංස්කරණය කොට ලීවීමට පෙර අප හැර කියා. ඔහුගේ නිම නොකළ එහෙත් වටිනා වූ මේ නිබන්ධනයට, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පශ්චාත්මෘත සාහිත්‍යශූරී ආචාර්ය සම්මාන උපාධිය පුදනු ලැබුවා. එහෙයින් ඔහු සැබවින් හැඳින් විය යුත්තේ, "සාහිත්‍යශුරී මහගම සේකර" ලෙසින්. බොහෝදෙනෙක් මේ කරුණ දන්නේ නැහැ. යුටියුබ් හැඳින්වීමේදී ද ඒ කරුණ අත්හැර ඇත.

wath said...

"සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ රිද්ම ලක්ෂණ" නැමැති පර්යේෂන කෘතියට තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය පිරිනමල තියෙන්නේ. ඇත්තටම ගොඩක් දෙනා මේ ගැන දන්නේ නෑ තමයි.

Ravin Caldera said...

අන්න හරි එයයි පොත. ස්තූතියි මතකය අවඩි කළාට!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...