..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, November 26, 2009

තේරුමි ගැනීම

හිත තේරුම් ගන්න කෙනෙක් ...... හීනයක් වගේද . නෑ ඒක හීනයක් නෙමෙයි. අපිට හමුවන බොහෝ පුද්ගලයන් අතර එක්කෙනෙක් දෙන්නෙක් පුදුම විදිහට අපිව තේරුම් ගන්නවා. මම කියන්නේ නෑ 100% ක්ම තේරුම් ගන්නවා කියලා. මොකද අපිටවත් අපිව තේරුම් ගන්න බැනෙ නේද.

ඒ වුනාට අපිව බොහොම හොදින් තේරුම් ගත්ත, තේරුම් ගන්න කෙනෙක් අපි කාටත් වගේ ඉන්නවා.මතක්කරල බලන්න ඒ කවුද කියල.................... "අම්මා" .... ඇය අපිව කොයි තරම් හොදට තේරුම් ගන්නවද.. සමහර වෙලාවට අපි හැරෙන කොට ඇය දන්නවා මොනා කරන්නද හදන්නෙ කියල.අපිට බඩගිනිද නැද්ද, අපි හිතේ අමාරුවෙන්ද, අපිට නිදිමතද ,අපි තරහින්ද අපි කාටහරි ආදරෙන් බැදිලද .................. මෙකී නොකී ගොඩක් දේවල් ඇයට තේරෙනවා නේද. ඒ තේරුම් ගැනීම අපේ යෞවන කාලෙදි අපිට හරිම කරදරයක් නේද?

අපි අම්මට ගොඩක් ආදරේ ඇය අපිව හොදින් තේරුම් ගන්න නිසා නේද.

ඊට පස්සෙ අපේ ජීවිතේට එකතුවෙන කිදෙනාටද පුළුවන් අපිව තේරුම් ගන්න. එහෙම අය හමුවුනාම හිතට හරිම සහනයක් දැනෙනවා. සමහරු අපේ අදහස් එක්ක ගොඩක් පරස්පර අදහස්. ඒත් ‍එකිනෙකා තේරුම් ගැනීම හරිම ඉහලයි. අපි කාලයත් එක්ක සමහර පුද්ගලයන් එක්ක බොහොම ලෙන්ගතු බැදීම් ඇතිකරගන්නෙ මේ තේරුම් ගැනීම නිසා කියලයි මට හිතෙන්නෙ.

මම හිතන විදිහට නම් මම ගොඩක් හොදින් තේරුම් ගන්න පුළුවන් සරල චරිතයක්. විවෘත මනස ඒකට පිටුවහලක් වෙලා තියනවා.

"රසෝඝය' තිබුන ලිපියක්( http://rasogaya.blogspot.com/2009/11/blog-post_18.html) කියවද්දී මට හිතුනා තේරුම් ගැනීමත් එක්ක මිනිස්සු කොයි තරම් හිතින් බැදෙනවද කියල.විවාහක ජෝඩුවකින් එක් අයෙක් මිය ගියහම ඒ ආසන්න වසර කාලයක් තුල හදබැදි අනිකා මියයන බව සැබෑවක් ( තදින් සිතින් බැදි තේරුම් ගැනීම ඉහලින් ඇති යුවලවල් ). 

විවාහක අය පමනක් නෙමෙයි යාළුවො , නෑදෑයෝ ,හිතවතුන්...... කාටත් පොදුයි. හොද බැදීමකට අනිකා තේරුම් ගැනීම කෙතරම් වැදගත්ද...........................

තේරුම් ගන්න වෙහෙසෙන 
මම
෴වත්෴

4 ප්‍රතිචාර:

malee_msg said...

තමන් ඉදිරිපිට ඉන්න කෙනාගේ සතුටට ඉඩ දීම බොහෝ සම්බන්ධයන් හයිය කරන්න හොද මගක්..ඒත් ඉදිරිපිට ඉන්නේ කවුද කියන එක තේරුම් ගන්න එක ඊටත් වඩා වැදගත්.. තමන්ගේ හිත කියනවා නම් මේ කෙනා ගෙන් මට ප්‍රශ්ණයක් නෑ කියලා.. ඒහෙම අය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න.. වරදින්න තියන ඉඩ අඩුයි.

මාරයාගේ හෝරාව said...

malee
උපදෙසෙ හොඳයි හැබැයි භයානකයි.

NUWAN"s lane said...

මමත් එකග වෙනවා ඒ අදහසත් එක්ක,,,ගොඩාක් ගෑටලුවලට හේතු වෙන ආරම්භක වස්තු බීජය තමයි ඔය.

marlan said...

"අපි අම්මට ගොඩක් ආදරේ ඇය අපිව හොදින් තේරුම් ගන්න නිසා නේද ?"

ඔයිට වඩා ගොඩක් හේතු තියනව අක්කෙ මන් නම් හිතන්නෙ නෑ අපිට අම්මගෙ ආදරේට සම කරන්න පුලුවන් අම්ම තරම් හොදට අපිව තෙරුම් ගන්න කෙනෙක් මේ ලෝකෙදි ආයෙ හම්බෙයි කියල.... ඔයා ඔය අම්ම ගැන කියන්නෙ අම්ම අක්ක ලග ඉදගෙන අම්මට දැනෙන විදිහටනේ ඒත් විශ්වාස කරන්න අපෙ අම්ම මගෙන් ගොඩක් ඈත ජීවත් උනත් අම්මට මගෙ බඩගින්න මගෙ ප්‍රශ්න මන් දා ගන්න බාල්දි හැම දෙයක්ම දැනෙනව ඒ දැනෙන්නේ කොහොමද කියල කාටවත් හිතාගන පුලුවන්ද?

අක්ක හිතනවද ඔය දැනීමට ඔය තෙරුම් ගනීමට ඒ ආදරේට සම කරන්න පුලුවන් අඩුම තරමෙ ලගින්වත් යන දෙයක් අපිට හම්බෙයි කියල

p.s. මන් ඔය උඩ දාල තියන වාක්යට අදාලව විතරයි කිවුවෙ හොදේ

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...