..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, November 17, 2009

............ සොදුරු සිතක සමුගැන්ම ...........

සමහර වෙලාවට අපි ආදරේ කරන අය අපි ලග නැති අඩුව තදින්ම හිතට දැනෙනවා. ඒ වෙලාවට එයාලා අපෙන් ගොඩක් ඈත් වෙලා දුරස් වෙලා කියලා හිතට දැනුනම දැනෙන වේදනාව කියන්න වචන නැහැ. මම මුලූ හිතින්ම ආදරේ කරපු එකම කෙනත් දැන් මගෙන් ගොඩක් දුරස් වෙලා. මම ආදරේ කරන අය මගෙන් ඈතට යන එක මම ලබා උපන් දෙයක් වගෙයි. ආදරේ කරන අය එකින් එක දැන් මගෙන් දුරස් වෙනවා. තාත්තා අම්මා නංගිලා යාලූවො........ මම ආයෙත් එතනමයි
 ..................................................................................................................................................................
අපි ඉපදෙන්නෙ තනියම ඒත් ජීවත්වෙන්නෙ තනියම නෙමෙයි. ජීවිතෙ ටික ටික ගෙවෙන කොට කීදෙනෙක් ජීවිතේට ලංවෙනව ද කීදෙනෙක් ඈත් වෙනවද එයිනුත් කීදෙනාද මතක හිටින්නේ.ඒ අතරත් හිතට සමීපවන හෘදයාංගම මිනිසුන් අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්. අපි ආස අපි කැමති අපි ආදරේ කරන අය සමහර වෙලාවට අපිට ගොඩක් ශක්තියක් රැකවරණයක් වෙනවා. සමහරු නම් හිත හඩවල අපිව දාලා යනවා. සමහරු නම් හිත පහුරුගාලා හූරල දාලම යනවා. ඒ පෙර ආත්මයේ කරුම තමයි.

මට මතක් වෙනවා දවසක් මට මගේ හිතවතෙක් කීව කතාවක්. "නංගි කවදාවත් බොක්කෙන්ම love කරන්න එපා. කරනව නම් වල්කමට  love කරන්න. මොකද නැත්තම් අන්තිමට ඉතිරි වෙන්නෙ වේදනාව විතරයි "ඔහුගෙ කතාවට එදා මම හිනා වෙලා නිකම් හිටියත් ඒ කතාව කොයි තරම් ඇත්තද කියලා අද තමයි මට තේරෙන්නේ.

මේ පින්තූරය හොයා ගත්තේ : kagaya pictures

6 ප්‍රතිචාර:

Ravin Caldera said...

ආදරය සදහා ගැරන්ටි නැහැ. බොක්කෙන් කළත්, වල් කමට කළත් වේදනාව වේදනාව. සිත් බැදීම, ප්‍රතික්ෂේපය, ආදීය කවර ආකාර ආදරය කළත් එයින් ඇතිවන්නේ වේදනාව යි. වරක් මට මිත්‍රයෙක් කියා සිටියේ, "වේදනා විඳින්නට අකමැති නම් ආදරය නොකර ඉන්න කියලා. එහෙත් ආදරය නොකර සිටීමත්, එය නොලැබීමත් වේඳනාවක්. ආදරය කළත් නැතත් වේඳනාව අවසාන ප්‍රතිපල ය. ජීවිතය මෙන් ම, ආදරයත් අවධානමත් අඩමානත් සහිත වූවක්. අවසානය අවිනිශ්චිතයි. එසේ වූවත්, ආදරය කරනවා නම් අව්‍යජ සෑබැ ලෙස කළ යුතුය යන්න මගේ හැගීම...මන්ද, ආදරය පිදීම උත්තරීතර අලංකාර දෙයක් වන නිසා...පළි ගන්නා හෝ රිදවන්න අරමුණෙන් "වල්කමට කරන ආදරය" අවසානයේ තමුන් වෙත කැරකී එන චාක්‍රායුධයක් හෝ ‍භූමරංගයක් වන බව අමතක නොකළ යුතු ය. එයින් ඇති වන තුවාල, මැරෙන තුරා, නැවත නැවත මතුවන අලුයට ගිණි පුපුරු මෙනි.

චමි.දේ.වා. said...

රවින්ගේ අදහසට මමත් එකඟයි.....ආදරේ කියන්නේ පරිත්‍යාගයක්නේ....ඒකෙදි අපිට සමහරවිට සතුටක් එන්න පුළුවන් එහෙම නැත්නම් දුකක් එන්න පුළුවන් අවසානේදී....විඳදාරාගැනීම අපේ අතේ.... ආදරේ කලානම් වයිර කරන්න නම් එපා.....

kkrox said...

වල් කමට කලත් නැතත් තමන්ගේ හිතට ගතට ගොඩක් ලන් වෙන පුදගලයා ගැන හැගීම ගොඩක් දරුනු එකක්, මගේ පරන කැල්ල දැන් වෙන එකෙක් බදින්න යන්නේ එත් අපි දෙන්නා හොරෙන් හොරෙන් හම්බ වෙනව මටත් දැන් අලුත් කැල්ලක් ඉන්නවා එත් අපිට අපීව අමතක කරන්න බෑ. උඩින් බැලුවාම වල් කමට කියලා හිතුනත එක තමයී අදරේ මට හිතෙන විදීයට

malee_msg said...

ආදරේ කියන්නේ දෙන දෙයක් මිසක් බලෙන් ලබාගන්න වත් දෙන නිසා ආයෙමත් ලැබිය යුතුමයි කියලා හිතන්න පුළුවන් දෙයක් වත් නෙවෙයි.. මම නම් කියන්නේ ආදරේ බෙදාදෙන්න.. එතකොට නොහිතන නොපතන විදියට ‍ඔයාට ආදරේ ලැබෙයි. නොලැබුනත් ඔයා‍ගේ ආදරේ තරම ගැන සතුටු වෙන්නවත් ඔයාට පුළුවන් වෙයි.

wath said...

හ්ම් ..... කවුරුත් කීව අදහස් වලින් පෙනී යන්නේ ආදරේ සුවද කාටත් දැනෙනවා කියලා තමයි. "හීනෙන්ගෑ මුදු සුවදක් වාගේ "

සිත්තරා said...

හ්ම්ම්... තනිකම.. ආදරය..
හිත ගල් වෙලා යන වචන දෙකක්.
කොහොම වුනත් වත් පින්තූරෙ ලස්සනයි.

මමනම් තනිකමට ආදරේ කරන්න පුරුදු වෙනව. තමන්ගෙ ලෝකයක්, තමන්ට ඕන විදියට, ඒක නිදහස්. මේ මාර ලෝකෙ තියෙන කාළකණ්ණි මූසල කමට වැඩිය.

ආදරේ කියන දේ සහනයක්.නැත්තෙ නෑ. සුවද තියෙනව.ඒත් සුලං තද වෙලා ගහගෙන යනකන් විතරක්. ඊටපස්සෙ ආයෙ අපි විතරක්. තනියෙන්.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...