..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, November 16, 2009

--- මගේ අපලෙ සහ මගේ කේන්දරේ ----


මට හරි වැඩක් වුනා නේ... මගේ වේලාව එන්න එන්නම නරක අතට යන නිසා පොඩිඩක් කේන්දරේ බලන්න හිතුනා. කේන්දරේ හොයා ගත්ත. ඒත් ඒකෙ හිටිය ග්‍රහයෝ ටික පැනල ගිහින්. දැන් කොටු 12 හෙම ඉන්නේ වෙන ජාතියක්. අනේ මන්ද ඒක තමයි මගේ වෙලාව නරක් වෙන්න හේතුව....
ග්‍රහයො ට්ක යන්න ගියේ මගේ ඉරණමට බයේද එයාගෙ ඉරණමට බයේ ද නැත්තම් ඒ දෙකම නිසාද කියලා හිතා ගන්න බෑ මට.
කොහොම වුනත් දැන් කොටු 12 ම පිරලා.නෑ නෑ එක කොටුවක් හිස්. ඒ කොටුවෙත් නොපෙනුනාට මොකෙක් හරි ඇති ජීවිතේ පිරිලා වගේ දැනෙන්නේ ඒකද කොහෙද..
ආදරේ ඉන්නේ 1 කොටුවෙ. දැන් ඉතින් හිතේ වැඩ කරන්නනෙ ඒකමයි. ආදරේ ඔලූවට ඇවිදින්. ඒකයි මේ අපලෙ.
ආදරේ පන්නන්න මොන පූජාව මොන දෙවියන්ටද කරන්න ඕන කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද.... ලොකු උදව්වක්

8 ප්‍රතිචාර:

මාරයාගේ හෝරාව said...

ළමයා..
හෙට (17) රාහු/කේතු මාරු වෙනවා.
ඔළුව අවුල් කරගන්නේ නැතුව ඉන්නවා.
හෙටින් පස්සේ ඔයාගේ අම්මාගේ හිතට සහනයක් ලැඛෙන කාලයක්ඉවසලා ඉන්නවා.

තමීර said...

හෆොයි මගේ ඔළුවටත් ඔය අපලෙ ඇවිදින් මේ දවස්වල ෆුල් හොල්මන් :D

සහන් said...

ඔය අපලෙ ඉක්මනට ඉව‍ර වෙනව කෙල්ලගෙ අයිය හ‍්රි තාත්ත හ‍්රි දැනගත්ත ගමන්....

Supun Budhajeewa said...

ඇත්ත කතාව. අපි කස්ටියම එකතු වෙලා මොකක්හරි තොවිලයක් වගේ එකක් කරමුද ඔය පහ අපලේ පන්නලා දාන්න?

@තමීර: ;)
@සහන්: තාත්ත නං කමකුත් නෑ කියමුකෝ. කෑල්ලගෙ අයිය තමා ගොඩක් අයට සීන් වෙන්නෙ. :P

malee_msg said...

ඕක ඇවිල්ලා මාරක අපලයක්! එහෙම ලේසියෙන් පන්නන්න බෑ.. මොකක් හරි අතුරු දශාවක් ලැබුවොත් මිසක්..! කෝකටත් පරිසම් වෙලා ඉන්න එක හොදා..

කදුළුබිංදු said...

නොපැතු මොහොතක - නොසිතු විදියට
හදට ලංවි දැනී නොදැනී
සිහිනයෙන් ගෑ සුවඳ වාගේ
දුරින් දුරකට පාව යාවී
කෙම්බිමේ පිපි කුසුම මනකල්
විලස සිතු පෙම බිඳී ගියදා
ආදරය මහ අපලයක් බව
“සොඳුරු සිත “ ඔබ හට දැනේවී

ශාකුන්තල said...

ආ.. හා.. :D

කොල්ලනේ.. අපලෙ පන්නල දාන්න තොවිල් නටනවට වඩා හොඳයි යකුන්ගෙන් වැඩ ගන්න ක්‍රමයක් හොයා බැලුවනං. :D

ගයාන් තාරක said...

මගේ නං කොටු 12ම හිස්ද කොහේ. පුරවගන්න විදිහක්‍ හොයාගන්න ඕන.

මාරයියට බැරිද අපේ එවුව බලා දෙන්න

@බුදා
මාතර කස්ටියනේද හොදට තොවිල් නටන්න දන්නවයි කියන්නේ


@ශාකුන්තල
එහෙනං බැඳගනිංකෝ යකින්නක් :D

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...