..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, November 10, 2009

෴හුදකලාව කලාවක් කරගත් මගේ මිතුරාට෴

මේ ලිපිය ලියන්න හිතුනේ මගේ මිතුරකුගේ Blog එකක ලියා තිබුන ලිපියක් දැකලා. දැකලා විතරක් නෙමෙයි මුල ඉදන් අගට කියවලත් බැලුවා.

එයා නම් කියන්නේ තනිකම කියලා.ඒත් ඒක වැරදියි කියලයි මම නම් හිතන්නේ. මම හිතන විදිහට නම් ඒ තනිකම නෙමෙයි , හුදකලාව..

තනිකම කලාවක් වුනාම ඒක තමයි හුදකලාව.

මගේ ඒ මිතුරාත් තනිකම කලාවක් කරගත් කෙනෙක් වගෙයි පේන්නේ.

  • විශාල පිරිසක් අතරෙ ගැවසෙමින් සිටියා වුවත් තමාගේ ලෝකයට අන්අයට අැතුළු වීමට ඉඩ නොදීම.
  • යහළු මිතුරු ආශ්‍රයෙන් වැලකී සිටීම හෝ ඇසුර සීමා කිරීම.
  • නෑදෑයන් නයාට අදුකොළ මෙන් වීම.
  • හැකි සෑම විටම තමාගේ ලෝකයක තනිවී සිටිම.
  • තමා තනිවී ඇතැයි නිතර නිතර සිතීම.
  • තනිකමෙන් මිදීමට පැහැදිලි මං දුටුව ද , නොදුටු ලෙස සිටිම.
තමයි මම දැක්ක තනිකමේ ලක්ෂණ.................................

හැබැයි ඉතින් තනිකමේ අන්තයටම ගියාම මරණය සැපයි ,මරණය තමයි ගැලවීම කියලා හිතන එක තමයි භයානක..

 මගේ යාළුවනම් එහෙම නැහැ. මගේ යාළුවා තනිකම කවි කරන කෙනෙක්. ඒකයි එයා ගෙ තියන වටිනාකම.

ඔහොම හිටියට ඉතින්, දචසක් ඒවි තනිකමට ආයුබෝවන් කියන. ඒක තමයි ස්වභාවධර්මය. හැබැයි ඒ සමුදීමේ ආරම්භය විවාහය කියල නම් මම කියන්නේ නැහැ. මොකද සමහර පුද්ගලයන් තනිකඩව හිටියට වඩා විවාහය තුල තනිවෙලා ඉන්නවා මම දැකලා තියෙනවා.

ඉතින් එක දෙයක් නම් නොකියම බැහැ.... තනිකමත් එක්ක වෙන්වෙන්න බැරි තරමට ආදරෙන් බැදිලා නම් ශක්‍රයාටවත් බැහැ ඔහුව තනිකමෙන් මුදවන්න.

8 ප්‍රතිචාර:

සු෴ said...

දහස් ‍ගණනක් සෙනග අතරේ මහා තනියක් මට දැනේ...කියල මටත් හිතෙන වෙලාවල් තියෙනවා. තනිකම එක්ක හොඳට ඩීල් කරගන්න බැරිවුණාමයි ඒක දුකක් වෙන්නේ කියල මං දැන් දන්නවා. තනිකමත් නරකම නැහැ. ඒත් හැමදාම හැමවෙලේම තියෙන්න ගියාම නම් ටිකක් අවුල්

wath said...

ඒකම තමයි අනේ මාත් කියන්නේ. ඒත් ඒක මගේ යාලූවට තේරෙන්නේ නැහැ නේ.

මාරයාගේ හෝරාව said...

ඒ යාළුවා සාමාන්‍යයෙන් තේරුනත් නොතේරෙන විදියට ඉන්න කෙනෙක් වෙන්න බැරිද?

wath said...

එහෙම ද....

සිතනු මැන හදවතින්
ඔබ තනිව නෑ ඉතින්
හද ඔඛෙයි දුක මගෙයි
එක්ව හිනහෙමු ඉතින්

මාරයාගේ හෝරාව said...

හදවතින් සිතන්ට මට නොහැක තව වරක්..
සිත සැලෙයි සියුම් ලෙස ගැහෙන දළුවක් ලෙසින්...
හදවතේ උරුමකම් සිතේ තෙරපෙන හැගුම්..
සියළු දේ සොරා ගෙන ඇය ගොසින් බෝ දුරක්...

wath said...

සිතන්නට නොහැකි නම් ඉඩ දෙන්න එක වරක්
සිතන්නම් ඔබේ සිතින් දකින්නම් ඔබේ නෙතින්
සියලූ දේ ගෙන ගියත් ඔබ තබා ඈ ගොසින්
උරුමකම් කරුමයක් නොවේ නුඹ හිනහියන්

wath said...

දිදුලනා තරු රැසින්-අසන්නෙමි මා ඉතින්..
ඇය කොහේ ගියාදෝ-කවදාක ඒවිදෝ...
තනිව සිටිනා රැයේ-සුසම් ලන හදවතින්..
දුක පිරුන සිත දරා-කොතෙක් කල් හිදින්නද...

දිදුලනා තරු රැසින් - ඇසූවත් ඔබ ඉතින්
ඇය ඉන්නේ සැගවිලා - සොයන්නට බැරි ලෙසින්
තනිව ඉනු මැන සබද - සුසුම් සුව ලංකරන්
දුක පිරුන සිත දරා - තව ටිකක් කල් හිදින්

Ravamrt said...

සිරකරුවෙක් වෙමි මා - මිහිතලය මත සිටිනා
අහස තුල තරු දිදුලනා - සදවතිය තනියට සිටිනා
දහස් ගනන් අතර මා - සිතුවිලිත් සමග තනිවෙනා...

මට පෙනෙන, මම දකින විදියට තනිකම, විරහව, වේදනාව, රැවටීම,
සොඳුරු අත්දැකීම් මිනිස්සුන් ව තවත් ලස්සන කරන.

වඩාත් ම ලස්සන දේ ගඟ පහලට ගලාගෙන යන එකයි.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...