..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, November 5, 2009

෴විවාහය.෴

විවාහය .........................  මේ දවස් වල මට තියන බරපතලම ගැටළුව තමයි ඒ. ඒ තරම් බරපතල වෙන්න ප්‍රධාන හේතු 2ක් තියනවා. එකක් තමයි මම ගැහැණු ළමයෙක් වීම, අනිත හේතුව මට වයස 30 සම්පූර්ණ වීම......

මම හිතන විදිහට නම් මට තනියම ජීවිතේ ඉතිරි ටිකත් අර්ථවත්ව ගතකරන්න පුළුවන්.

විවාහ වෙන්න අද කාලේ සුදුසුකම් ගොඩක් ඕන කෙ‍ල්ලෙක් නම් ලස්සන වෙන්න ඕන.රස්සාවක් කරනව නම් වටිනකම වැඩී.රස්සාව ගුරුවරියක් නම් වටිනාකම ගොඩක්ම වැඩී.

මම නම් පිරිමියෙක් ගෙන් බලාපොරොත්තුවන එකම දේ ආදරය .ඒත් අද නැත්තෙත් ඒකම තමයි.බොහොම අමාරුවෙන් ආදරේ කරලා විවාහ වුනත් පවුල් ජීවිතේ සතුටින් ගත කරන්නේ කියෙන් කීයද? ගොඩක් දෙනා ලෝකෙට පේන්න සතුටින් ජීවත් වුනත් දවස ගානෙ හිතින් මැරි මැරි ජීවත් වෙනව. කොහොමත් මනුසත්ත්වයා ලැබුන දේට වඩා නොලැබෙන දේට ගොඩක් සංවේදී.

පිටස්තරයෙක් විදිහට මට නම් හිතෙනවා විවාහයට වඩා තනිකඩ ජීවිතය හොදයි කියලා.....තනිකඩ ජිවිතයක් අර්ථවත් ජීවිතයක් නෙමෙයි ද?

තනිකඩව ඉන්න කැමති  
මම
෴වත්෴

14 ප්‍රතිචාර:

වැප් said...

අයියෝ එහෙම හිතන්න එපා!

චමි.දේ.වා. said...

වෙලාවකට මටත් හිතෙන්නේ එහෙම තමයි.......
ඒත්...........
අනේ මන්දා......

LishWish said...

කෙසේනමුත් තමන් හට අනාගත සහකරුවෙක් සොයාගන්න උත්සහ කරනවා නම් මගේ මතයේ හැටියට, තමා ගත් තීරණය.., ජීවිත කාලයට ම පසුතැවිලි නොවන්නක් විය යුතුයි. ඒ ජීවිත කාලය පුරාවටම ඔහුව/ඇයව තෝරාගැනීමේ දී.., ඔහු/ඇය හා විසීමේදී.., තමා වෙතට වගකීමෙන් හැමවිටම 50%ක කොටසක් පැවරී ඇති නිසාවෙන්.

අනේ මංදා ඔය තමා මට හිතෙන හැටි...

මාරයාගේ හෝරාව said...

පිස්සු හැදෙනවා. ඔයා ඉන්නෙත් මගේ නැවෙමයි. නියමයි. වෙනසකට තියෙන්නේ මම කොල්ලෙක් උන එක. චාන්ස් එකකට තියෙන්නේ ඔයාට වගේ මට මගුල් හොයන්න නෑයො නැති එක. මටත් දැන් 30යි. ඔන්නං තව 20ක් ඉදියි. ඒ ටිකට මොන මගුල්ද සහෝ. මයි කාර්, මයි පැට්ටොල් කිව්වළු. ආ ඔන්නං මට ඔයාගේ උපන් වෙලාව එවන්න. ඔයාගේ කේන්දරෙ හදලා බලලා දෙන්නං. මගේ එකනං මමම බලා ගන්නවා. කසාදෙ කියන අපලෙ මටනං ලග පාතක නෑ. ඔයා දුක් නොවී ඉන්න ඔහොම යනකොට නියම උරුමක්කාරයා හරි, කරුමක්කාරයා හරි හම්බවෙයි.

මාරයාගේ හෝරාව said...

විහිළු කලාට ගනන් ගන්න එපා. විවාහය ගැන ඔනවට වඩා හිතන්නත් එපා. ඇත්තටම තනිකඩ ජීවිතයක් හොදයි. හැබැයි විවහයක් හරි නොයන නිසා හිත හදා ගැනීම සදහා නොවෙයි. ජීවිතයේ පූර්ණ නිදහස විදින්න. කොල්ලෙක් නොබැද හිටිය වගේනෙවෙයි කෙල්ලෙකුට තනියම ජීවත් වෙන්න අමාරුයි කියල වැරදි මතයක් අද සමාජයේ තියෙනවා. ඒක වැරදි මතයක්. කාට උනත් තනිව ජීවත් වෙන එක අමාරු නැහැ. හැබැයි මෙහෙම පැත්තක් තියෙනවා, තනිකඩ කොල්ලෙකුට නිදහස් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට ඇති අවස්ථාව කෙල්ලෙකුට නැහැ. බැරුව නෙවෙයි ,අනාරක්ෂිතයි. ඒ ඇර වෙන වෙනසක් නැහැ. ආ තව දෙයක් කියන්න ඔන, රස්සාව විවාහයකට මූලික සුදුසුකමක් කියන එක මම අනුමත කරන්නේ නැහැ. (ප්‍රතිවිරුද්ධ අදහස් ඇත්නම් සාකච්ඡා කල හැක.)

wath said...

අනේ ගොඩක් සුතූතියි... හිත සැහැල්ලු වෙන වචන ටිකක්.. මාත් කැමති උපන් ‍දෝෂ බලාගන්න. මගේ උපන් දිනේ 1979.05.26 ප.ව(සවස)3.50. වේලාව තියන වෙලාවක බලල දෙන්නකෝ. පිං...

saman said...

අනේ ගොඩක් සුතූතියි... මාත් කැමති උපන් ‍දෝෂ බලාගන්න. මගේ උපන් දිනේ 1982.12.23 ‍ෙප.ව(උදේ)6.18. වේලාව තියන වෙලාවක බලල දෙන්නකෝ. පිං

මාරයාගේ හෝරාව said...

ලග්නය තුලා,නවාංශකය මිථුන, රුචක යෝගය ගුරු හංස යෝගය කියන පංච මහා යෝග දෙකත්,ධර්ම කර්මාදිපති යෝගයත්(හැබැයි තැන හරි මදි) කුජ සිකුරු යොගයත් යෙදුනු තරමක් හොද කේන්දරයක්. ඔයාට තියෙන අපලේ තමයි තාම යන්නේ රාහු මහ දශාව. හොදම ආරංචිය තමයි 2010.01.07 වෙනිදට ඒක ඉවරයි. කොහොමත් 2010.01.07 ඉදලා 2012.02.25 අතර කාලෙදි එයාට විවාහයක් සිද්ධ වෙවි. 2010.01.07ඉදලා ඔයාට ගුරු මහ දශාව ලබනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඔන, සෙනසුරුගෙ ලග්න ඒරාශ්ඨකයත් එයාට මෙ දවස් වල ලබලා තියෙන්නේඒ හින්ද ටිකක් පරිස්සමින් වැඩ කරන්න. ඒ වගේම පොරොන්දම් බලලා මිසක් විවාහ වෙන්න එපා. විවහා සහකරු ටිකක් විතර වල් උනොත් හොදයි. ඒ වගේම මොනවා හරි පිටින් පේන වෙනසක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. කියන්න දේවල් ගොඩක් තිබ්බත් ලියන්න මම හරි කම්මැලියි. දැනට මෙ මදෑ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න.OK

Ravin Caldera said...

තනිකඩ ජීවිතය හොඳයි; පහසු යි; බාධා අඩු යි. එහෙත් එකාකාරී යි. කාලයක් යන කොට, එපා වෙනවා (අත්දැකිමෙන් කියන්නේ). ජීවිතයේ වෙනසක් විවාහය සමඟ ඇති වෙනවා. ජීවිතයේ ඇති එකාකාරීත්වය බිදී, විවිධ අවස්ථානුකූලව සංකීර්ණ වෙනවා-නොදන්නා අයෙක් හඳුනා ගැනීම, දරු මල්ලන් ඇති දැඩි කිරීම,විවිධ කරදරවල හැපී ජය ගැනීම ආදී මෙකිනොකී වේදනාත්මක හා ආනන්දජනක තත්ත්වයන්ට මුහුණ දිය හැකි ය.මා සිතන පරිදි විවාහයේ රහස එකිනෙකාට දක්වන කැපවීම හා විශ්වාසවන්ත බව යි. විවාහක අය කියන්නේ කාලය සමග ආදරය වැඩි වෙනවා කියල යි. කෙසේ වෙතත්, විවාහයට උනන්දු වන්න. මිතුරන් සමඟ සම්බන්ධතා ඇති කර ගන්න. අපට වෙන ලොකු ම වරද, දෙමාපියන් හෝ ඥාතින් උපකාර කරන තුරු අපේක්ෂාවෙන් සිටීම යි. සිත් බැඳුණු අයෙක් සිටී නම් කතා කරලා සමබ්නධතාවක් ඇති කර ගෙන, මැනවින් හඳුනාගෙන හොඳ නම් විවාහ දිවියට පා තබන්න. . . ඔබට ජය!

"ශීත කාලයේ දී දෙදෙනෙකු එක් ව සැතපුණොත් ඔවුන්ට උණුසුම ලැබෙන්නේ ය. එහෙත්, කෙනෙකු තනියම උණුසුම් වන්නේ කොහොම ද?" (‍ධර්මදේශකයා 4:11).

wath said...

අත්දැකීමෙන් කියන නිසා ඇත්ත වෙන්න පුලුවන්.ඒත් පුද්ගලයන් ජීවිතේ විදිනහැටි දකින හැටි විවිධයි.සරලව ජීවත්වෙන්න පුලුවන් නම් අපි මොකටද හිතලම ඒ ජීවිතේ සංකීර්ණ කරගන්නේ.
අනික උණුසුම් වෙන්න දෙන්නෙක්ම ඕන නැහැනේ. ගිණි මැලයක් දල්වා ගත්තනම් හරි.

Ravin Caldera said...

මමත් කාලයක් ඔහොම හිතුවා. ගිනිමැලය ඉබේ දැල්වෙන්නේ නැහැ. අඩක් නින්ද ගිය විට නිමී යනවා. අපසු ගිනි දල්වන්න-නින්ද බිඳ නැගිටින්න ඔනේ...දැන් ඔනෙනම් කියයි, එහෙනම් විදුලි තාපජනක බැලැන්කෙට්ටුවක් (Electric Thermal Blankets) ගන්න කියලා. මේ වදන් පෙළ උපහැරණයක්, එයින් ගම්‍ය කරන අදහස ව්‍යංගයි. ඔබ වැනි කිවිදියකට එය තේරුම් ගන්න පුළුවන්වෙයි කියා මා සිතනවා. මා ඔබ සමඟ රණ්ඩු අල්ලන බලනවා නෙමෙයි. ‍හොඳක් හිතලයි කීවේ...සමාවෙන්න සිත් රිදුණ නම්...

අනුරාධ said...

අනේ මාරයෝ මගේ උපන් දිනය වෙලාව දෙන්න මගේ කේන්දරෙත් බලල දෙන්න පුලුවන්ද?

රවා said...

බය වෙන්න එපා. සොදුරු සිත් අක්කෙ.... අපි බලමු මොකද්ද කරන්න ඔනා, හැමදෙකටම හෙතුවක් තියනවා. හෙතුව අදුනගෙන ප්‍රතිකර්මයක් යොදමු එතකොට පලයත් ඉබෙම විනාශවෙයි. හදවතෙ බැදිම් ඉබෙම ඇතිවන දෙවල්, ඇති කරවන්න බැහැ...

Anonymous said...

කොයි දේටත් හරි වෙලාව එන්න ඕනේ...කලබල වෙලා බෑ

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...