..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, October 13, 2009

බොන්නේ නැත්තම් වැඩක් නැද්ද?

හදිසි වුවමනාවකට යාළුවෙක්ට කතා කළා.උදේ 10ට විතර ඇති."යාළුවෙක්ට Job එකක් set වෙලා.ඊයේ රෑ පොඩ්ඩක් කට්ටිය set වුනා.ටිකක් වැඩි වුනා.ඔළුව තාමත් බරයි වගේ".

ඒ සතුටට.තමන්ගේ සමීපතමයන්ගේ සතුටට එකතු වෙන එකේ වරදක් නැහැනේ? නේද?

"යාළුවෙක්ගෙ මළ ගෙයක් තිබ්බා.night එක.කට්ටිය set වුනා.බෑ කියන්නත් බැහැ"

කමක් නෑ.. යාළුවෙක්ගෙ දුක බෙදා ගන්න එක වරදක් නෙමෙයි නෙ.

ඒ පිරිමි.ගැහැණු අය කොහොමද යහළුවන්ගෙ දුක සතුට බෙදා ගන්නේ????හැබැයි ඉතින් සමහර ගැහැණු නම් බීමතින් එන සැමියගේ දුකට සතුටට කොටසක් වෙන්නේ අතින් පයින් කෙස් වැටියෙන් වළං පිගන් වලින් හම්බෙන සංග්‍රහ වලට ගොදුරු වෙලා තමයි.

"බොන්නෙ නැත්තම් කොල්ලෙක් නෙමෙයි"
"නොබොන මිනිහාගෙන් වැඩක් නැහැ"
"බොන මිනිහා අවංකයි"
"පොඩ්ඩක් ගත්තට මොකද"
"party එකකදි බියර් එකක් බොනව.එච්චරයි."
"අපෝ ඒකත් wedding එකක්ද.අපි නම් පිටින් ගෙනාවා"

ඒ ඔක්කොම එහෙමයි කියමුකො.එතකොට ශ්‍රී ලංකාවෙ තියන අළුත්ම සංකල්පයට මොකද වුනේ.මතකද දන්නෙත් නැ ඔයාලට."මතට තිත"ඇත්තටම තිත වැටුනේ කාටද????

3 ප්‍රතිචාර:

චමි.දේ.වා. said...

අපේ රසවින්ඳනයට......
හොඳ ලස්සන ෆිල්ම් එකක් කොටු දැමීමෙන්.......

Word verification අයින් කලොත් මොකද ?

wath said...

ඔයා හරි චමී.සමහර වෙලාවට කතාවේ හිස්තැන් ගලපන්න වෙන්නෙත් අපිටම තමයි.

priyantha.ඒබී said...

ඇත්තටම බොන්න ඕනද?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...