..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, September 22, 2009

හිතේ සතුට

වේදනාව ......... ජීවිතයේ එක කොටසක් ජීවත් වෙන හැම මනුස්සයෙක් ම අත්විදින දෙයක් මමත් මගේ ජීවිතේ දි හදපතුලටම දැනුන වේදනාව දෙවරක් අත්වින්ද කෙනෙක්

වේදනාව වුනත් සමහර වේලාවට ටික කාලයයි සමහර ෙවිලාවට ජීවිතේ පුරාම අපිත් එක්ක එනවා.
මගේ ජිවිතේ පළමු වේදනාව මාව මහ පතුලක් නැති ආගාධයකට ඇදලා දෙම්මා. ඒ මගේ තාත්තා මට නැතිවුන දවස. අපි ලග තියෙන දේවල් වල නියම වටිනාකම තේරෙන්න නම් ඒ දෙවල් අපට අහිමි වෙන්නම ඕන.


එතනින් මාව මුදා ගන්න එක සුන්දර මනුස්සයෙක් මට හමුවුනා. මගේ ජීවිතේට පන්නරය දුන්න ඒ සොදුරු මිනිසාම තමයි මගේ ජීවිතේ දෙවෙනි වේදනාව වුනේ. එයා මගේ කවුද කියලා කියන්න මට තාමත් තේරෙන්නේ නෑ. එයා මගේ හැමදෙයකම ඉන්නවා. හැමතැනකම ඉන්නවා. මගේ ආත්මය වෙලා මා ලගම ඉන්නවා.

ඒත් මම දෙවෙනි පාර ආපහු ආගාධයට වැටුනේ නෑ.

මට පුලූවන් වුනා ජීවිතේ දකින්න. යාථා ලෝකයේ ස්වභාවය ඒ වෙනකොට මට තේරුම් කරල දීලයි තිබුනේ.

මගේ එකම උත්සාහය ජීවිතය දිනන එක. මට හදවතින්ම ආදරේ කරපු අයට දෙන්න පුලූවන් උපරිම සතුට ඒක.

හිතේ සතුට හැම දෙයකටම වඩා වැදගත්......එහෙම නේද..

4 ප්‍රතිචාර:

roylyfernando said...

අපි කැමතිම අය අපි ළඟින්ම තියා ගන්න, අපි ආස කරන දෙවල් අපිටම ලබාගන්න තියෙනවනම් කොච්චර සතුටක් දැනෙයිද?

ඒත් එහෙම නෙවෙන කොට ඒ දැනෙන වේදනාව අර සතුටටත් වඩා හිතේ තැන්පත් වෙවී කාලයක් යනකම් වද දෙනවා.

කොහොම උනත් ජීවිතය ජය ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා. ඔබට ජය!!

ලිපි ඔක්කොම ටික වගේ කියෙව්වා. දිගටම ලියන්න. මගෙන් සුබ පැතුම්.

අනුරාධ said...

අපි ඉල්ලන අපි බලාපොරොත්තු වෙන ගොඩක් දේවල් අපිට ලැබෙන්නේ නෑ. ඒ වගේම අපිට ලැබෙන ගොඩක් දේවලුත් අපි බලාපොරොත්තු වෙච්ච දේවල් නෙවෙයි. අපි හැමෝම ඉල්ලන දේ බලාපොරොත්තු වෙන දේ ඒ විදියටම අපිට ලැබෙනවනම් මේ ලොකේ මීට වඩා ගොඩක් වෙනස්. හැබැයි එහෙම ලැබෙන්න ගත්තත් ඒක මිනිස්සුන්ගෙ අයහපතට හෙතු වෙන්නත් පුලුවන්. මොකද අපි හැමොගෙම ඉල්ලිම් බලපොරොත්තු පාරිශුද්ධ ඒවා නොවෙන නිසා.

Hirushan said...

සොදුරු සිතුවිල්ලක් ..නමුදු දුකකුත් නැතුවාම නොවේ..

සිත්තරා said...

"මගේ එකම උත්සාහය ජීවිතය දිනන එක. මට හදවතින්ම ආදරේ කරපු අයට දෙන්න පුලූවන් උපරිම සතුට ඒක."
ඔව් ඇත්ත ඒගොල්ලො හුගක් සතුටු වේවි. හැම වේදනාවක්ම මග හැරුන කියල ඒගොල්ලොන්ට හිතේවි. වටේ ඉන්න තමන්ගෙ අය සතුටු වෙනකොට දැනේවි අපි ජීවත් වෙනව කියල.
ජීවිතේ දිනන්න. ඔයාට පුලුවන්. ජය.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...