..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, September 21, 2009

උල්පත

කඳූවල මෙවැනි උල්පත් පැන නගී.ඒ වටා අඩි පාරවල් ඇතිවේ. මිනිස්සු අඩි පාරවල් ඔස්සේ ගොස් උල්පත් වලින් ජලය ලබා ගනිති. එහෙත් පුළුල් මාර්ග ඇති වූ පසුව අර අඩි පාරවල් අමතක කර දමති. උල්පත් වටා කෙමෙන් කටුවැල් මැටි මුළු ගැනේ. අවට සිට බලන්නෙකුට ඒ උල්පත් නොපෙනේ. රස්නෙ ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවා ගනු පිණිස මහමගින් ඉවත් වී අර උල්පත සොයා එති. මුළු ගැන්වී තිඛෙන උල්පත සොයා එමින් ඒ වටා ඇති වල් පැලෑටි සහ කටුවැල් උදුරා දමති. කිසිකෙනෙකු විසින් හෝ අපිරිසිදු නොකරන ලද ඒ උල්පතේ ප්‍රණීත සිසිල් ජලය නිසලව ගලා බසිම්න් නිල්වන් කැටපත සේ විනිවිද පෙනේ. එවිට උල්පත තුළින් තමාද හිරු සහ අහසද කඳූවැටිද පෙනෙන්නා සේය. එවැනි සුන්දර තැන් ගැන අන් අයට නොදන්වා සිටීම පාපයකයි සිතා අන්අයටද ඒ බව දැැන්වීමට ඉටා ගන්නා නමුදු පසුව එය අමතක කර දමයි.

එදිනෙදා ජීවිතයේ දී මෙලෙසම සිදුවේ. එහෙත් එය ජීවිතයයි......
උපුටා ගැනීම ගුරු ගීතය


2 ප්‍රතිචාර:

Ravin Caldera said...

බැරිද මුළු පොත ම බොලගයකට ඇතුලත් කරන්න (නැත්තම් එවැනි බොලගයක් මහායා ගන්න; නැත්තම් ස්කෑන් කරල අන්තර්ජාලයට ඇතුලත් කරන්න. මෙවැනි සාහිත්‍ය පොත් අන්තර්ජාලයට ඇතුළු වනවා නම් නියම යි). මං හිතන්නේ දැන් පොතෙහි ප්‍රකාශන අයිතිය නිමා වෙලා ඇති. ලංකාවට ආපුවහම පොත කියවන්නයි හිතන් ඉන්නේ. ප්‍රශ්නය පොතක් හොයා ගන්න පුළුවන් වෙයි ද කියන එකයි.

මෙම කොටස ලියා දැක්වුවාට ස්තූති යි!

wath said...

@ රවීන්

මම පොතක් එවන්නම්.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...