හීන් හිරිපොද වැස්සේ චුරු චුරුව කසාඳ බැන්ද ගැහැණියකගේ චුරු චුරුවෙන් වෙනසක් නැතිවා මෙනි. නවතින හැඩක් හෝ වැඩි වන හැඩක් නැත.ඒ කිසිත් ගනන් නොගත් පුංචි නැටුම් කුරුල්ලෙකුගේ මිහිරි ගීයක් ඈතින් ඇසෙයි.එය එකම ස්වරයේ විවිධ පරාසන් විය හැකි බැව් අඩනින්දෙන්ම මට සිතුනි.
ඇලයට හැරී නින්ද ගොස් සිටි නිසා යන්තමින් හිරි වැටී තිබුනු දකුණත ඔසවා වමතින් පිරිමැද , නැවතත් අනිත් ඇලයට හැරුනේ වේලාව බැලීම සඳහා ජංගම දුරකතනය සෙවීමට ඇදේ අත දිග මානය පුරා ,දෙනෙත් පියාගෙනම අනුමානයට ඇඟිලි යවමිනි.

බොහෝ කලක සිට මා සමඟින් යුගල් සයනයේ තනියට හුන් බොහෝ අය අතරින් එක් අයකු වන්නේ ජංගම දුරකථනයයි... විටින් විට ඒ අවස්ථාව කුඩා උකුල් පරිගණකයටත් නව කතා කිහිපයකටත් , ජීව විද්‍යා පෙළ පොත් කිහිපයකටත් හිමිවුව ද ඇත්ම් දිනකට එකදු එක ඇමතුමක් වත් නොපැමිණෙන ජංගම දුරකතනය මා අසළම තබා ගත්තේ යටි සිතේ සැගවී ඇති සියුම් බලාපොරොත්තුවක් නිසා වන්නට ඇත.
දුරකථනය සොයා ගත නොහැකි වුව ද අඩ නින්දේම සිතින් අද දිනයත් , දවසත් කළ යුතු වැඩත් මතකයට ගන්නට උස්සාහ කළෙමි. සිකුරාදා , එය සිතට සුමිහිරි උත්තේජයක් රැගෙන නොආවේ නම් පුදුමයකි. සතියේ අන්තිම දවස. අද කීය ද? ම්ම්ම් විසිහය..... විසි හය ! ! !
විසි හය ද අද ? මැයි මාසේ විසිහය. මෙතෙක් වේලා සිතුවිලි වල සැරූ වැසූ දෙනෙත් පියන් දිග ඇරුනේ කිසිවක් ඉතා දැඩි ලෙස මතකයට ආ බැවිනි.
“ දෙයියනේ . . . අද මගේ උපන් දිනය “
මීට වසර කිහිපයකට පෙර , අද වන් දිනක මා උපත ලබා ඇත.සියුම් සතුටක් මෝදු වන්නට වූ නමුදු අද මේ වන විට හරියටම මගේ වයස කීයදැයි සෙවීමට මම නොවෙහෙසුනිමි. අද මගේ උපන් දිනයයි. එය සුවිශේෂි දිනයක් නොවන්නේ ද ?

මීට සතියකට පමණ පෙර මම මාගේ ෆේස් බුක් ගිණුම අක්‍රිය කළ බැව් මගේ මතකයේ ඇත. යන්ත්‍රයක් විසින් කෙනෙකුගේ උපන් දිනයක් මතක් කර දීම කෙතරම් නම් යාන්ත්‍රිකදැයි මට සිතේ. එය හදවතේ ලියැවී තිබිය යුතු දිනයක් නොවන්නේ ද?
පිරමින්ට අංක මතක තබා ගැනීම දැඩි සේ අපහසු දෙයක් වූව ද ඔහු කොයි කෙදිනකවත් මගේ උපන් දිනය අමතක නොකළ බැව් මට මතකය.
සමහර විටෙක අද උදෑසන ආහාරයට අම්මා වේලාසනම කිරිබත් පිස තිබීමට ඉඩ ඇත්තේ නොවේ ද? මට උපත දුන් ජීවය ඇයයි. ඇය මවක කළ ඒ සුන්දර දිනය ඇයට අමතක වේ ද?
නමුදු ,

අප වියපත් වෙමින් පවතින බවත් තව දුරටත් කිසිවකුට හෝ මා සු විශේෂි කෙනෙකු නොවන බවත් පසක් කර ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය.
“ පොල් ටිකක් ගාන්න ළමයෝ සම්බෝලයක් හදන්න, මම බත් ලිපේ තිබ්බා, පරිප්පු ටිහකුත් හදමු “
මීට වසර විසි ගනනක් ඈත දී දවසක් මට මතක් වේ. ඇල්බට් අංකල් අප නිවසට පැමිණෙන්නේ ඔහු සතු අනර්ඝ කැමරාව ද සමඟිනි. තාත්තා ඔහු වෙනුවෙන් එවැනිම අනර්ඝ සුදු ලේබල් බෝතලයක් රැගෙන එන්නේ ඊට පෙර දවස් කිහිපයකටම කලිනි. අම්මා මැසූ නවීන පන්නයේ ගවොම ඇඳ , සමණළියක් මෙන් සැරිසැරූ එදවස් කොයි තරම් නම් සුන්දර ද. පළමු දෙවන තෙවන ලෙසින් දහය දොළස සොලොස වන තෙක්ම මැයි මස විසිහය වෙනිදාවල් සුන්දර කළේ තාත්තාගේ බෝතලයත් අම්මා මැසූ ගවොමත් ඇල්බට් අංකල්ගේ කවට කතා වලට සිනා ගිය මගේ පින්තූරත් සමඟිනි.

දින සති මාස අවුරුදු ගෙවීයත්ම ගිලිහී ගිය මැයි මස විසිහයවෙනිදාවල් කිහිපයකට පසුව තවත් මැයිවිසිහය වෙනිදාවක් . . . . .
කිසිවකුගෙන් සුබ පැතීමක් නොමැති “ උපන් දිනයක් “.
නිවසේ කිසිවකුටත් , රාජකාරි ස්ථානයේ කිසිවකුටවත් , ජීවිතයේ නොයෙක් සමයන්හිදී හමුවූ කිසිවකුටවත් මතකයේ නොමැති වූ මගේ උපන් දිනය සැබැවින්ම ම‘සිතට රැගෙන ආවේ දුකකි.

මෙය කියවන ඔබ ඇතැම් විටක මෙසේ කියනු ඇත...“ අෆෝ ඕක මොකක් ද ? මගේ උපන් දිනය මටත් අමතක වුනා “ නමුත් කිසිවකු හෝ එය ඔබට මතක් කර දුන් විට ඔබට ඇතිවන හැඟීම කුමක්දැයි පෙරළා මම අසමි.
එය තවත් එක් දිනක් පමණක් නේදැයි ඔය කියනු ඇත.
නමුත් ඒ දිනය මතක් කළ පුද්ගලයා ගැන ඔබසිතේ ඇතිවූ හැඟීම ඔබට විස්තර කළ හැකි ද ?
තවකෙකු තුල ඔබ වෙනුවෙන් වෙන්වූ සුවිශේෂි ස්ථානයක් තිබී ඇති බව ඔබට දැනුනේ නැද්ද ? ඇත්ම් විටෙක එය ඔබ කොතරම් සංවේදී පුද්ගලයෙක් ද යන්න මත රදා පැවතිය හැකිය. එහෙත් තමාගේ උපන් දිනය වෙනෙකුකට මතක තිබීම මාහට නම් ගෙන දෙන්නේ අතිමහත් වූ සතුටකි. නමුත් එය යාන්ත්‍රික මතකයකින් කළ පණිවිඩයක් නොවිය යුතු ය.
රාජකාරි නිම වී සේවා ස්ථානයෙන් පිට වන විට ද අහම්ඹයෙන් වත් කිසිවකු ටවත් එය විශේෂ දිනයක් නොවීය.ඉන්පසු මා කළ දේ ගැන නම් ඔබ පුදුම වනු ඇත.
මා කඩයෙන් ගත්තේ , ප්‍රචලිත වෙළඳ නාමයකින් යුතු විශාල ප්‍රමාණයේ චොකලට් එකකි. එය කිසිවකුටත් නොපෙනී තනිවම කෑමේ තද බල ආසාවක් මසිත ඇතිවිය. චොකලට් බාර් එක බ්‍රවුන් පේපර් කවරයක දවටා මා අතට දුන් තරුණ කඩහිමියාගේ දෑසේ වූයේ මනමාල පෙනුමකි. හරියට කීවොත් මා එය පෙරළා ඔහුට ලබා දුන් විටෙක මෙන් අනුරාගී මනමාල සිනාවකිනි ඔහු මට සංග්‍රහ කළේ.
බසයට ගොඩ වූව ද සෙනඟ අඩුවූවත් චොකලට්ටුව කඩා කෑමට තරම් අවශය ධෛර්ය මා සතු නොවීය. හදිසියේම උපන් සිතුවිල්ලකින් මුසපත් වූ මා කළේ නිවෙසට යායුතු බසයෙන් බැස ගොස් වෙරළ තීරය අවසන් නැවතුම වන බසයකට ගොඩ වීමයි.
මුහුදු සුළඟ විදිමින් , ක්ෂිතිජ රේඛාව නරඹමින් , රසැති මිලැති අනර්ඝ චොකලට්ටුවක් අතැතිව දැන් මා සැරසෙන්නේ මගේ උපන් දිනය සැමරීමටයි.
හදිසියේ ම . . . . .
දවස පුරා එකඳු ඇමතුමක් වත් නොලැබුනු ජංගම දුරකථනය දෙවරක් දෙදරුම් දී නවතුනු දැනුනු මා අත් බෑගය සිසාරා එහි අඩියේම ගිලී තිබූ දුරකථනය සොයා අතට ගත්තෙමි.
දවස පුරා එකඳු ඇමතුමක් වත් නොලැබුනු ජංගම දුරකථනය දෙවරක් දෙදරුම් දී නවතුනු දැනුනු මා අත් බෑගය සිසාරා එහි අඩියේම ගිලී තිබූ දුරකථනය සොයා අතට ගත්තෙමි.
වැසූ ලියුම් කවරයක් . . . . පණිවිඩයක් . . . . .
“ සොඳුරු . . . . ඔයාට සුබම සුබ උපන් දිනයක්. අමතක වුනා නෙමෙයි. අද පොඩි පුතාගේ ස්කෝලෙ කොන්සට් එක. වයිෆ්ටත් ඔෆිස් එකේ සෙමිනා එකක්. ඒ නිසා පුතාව එක්කරන් යන්න වුනේ මට උදේ ඉදල පුතා ගෙ වැඩ වලට යෙදුනා. සුබ පතන්න එස්එම්එස් එකක් එවන්න වෙලාවක් නැති වුනා. මේ උපන් දිනයෙ වත් ඔයාගේ තනිකඩකම නැතිවේවි කියලා මම හිතනවා. ඔයාට සුබම සුබ උපන් දිනයක් “
චොකලට් තීරුවට කොහෝ දෝ සිට කඳුළු බින්දුවක් කඩා වැටී තිබුනි. කඳූළු චොකලට් අනුභව කර මෙවන් සොඳුරු දිනයක් අඳුරු කර ගත යුතු ද? වාඩි වී සිටි සිමෙන්ති බංකුවෙන් නැඟී සිටි මා වෙරළ දෙසටම මුහුද දෙසටම පියවර කිහිපයක් ඇවිද ගියෙමි.. හැකි වෙර යොදා දකුණත තිබූ චොකලට්ටුව මුහුදට විසි කළෙමි.
නොආයුතු සුබ පැතුමක් නොආයුතු දිනක , නොආයුතු අයෙකුට , නොආයුතු කෙනෙකුගෙන් පැමිණ තිබුණි.